සෙනසුරාදා කොළඹ ප්‍රදේශ රැසකට වතුර නෑ...

 

එළඹෙන සෙනසුරාදා (24) දින කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක් සිදු කරන බව ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසයි.


ඒ අනුව එදින පෙ.ව 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.


කොච්චිකඩේ, කොටහේන, ග්රෑන්ඩ්පාස් මෝදර, මට්ටක්කුලිය, මාදම්පිටිය සහ කොටුව උසාවිය, අලුත්කඩේ යන ප්‍රදේශ සඳහා ජල සැපයුම අත් හිටුවනු ලැබේ.


අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදු කෙරෙන අත්‍යාවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වේ.

Post a Comment

0 Comments