රුසියාවට ප‍්‍රහාරයක්.. කොටසක් කැරලිකරුවන් අත.. හමුදාව කැදවයි.. මොස්කවු ලොක්ඩවුන්…

 

රුසියාවේ අගනුවර මොස්කවුහි ආරක්ෂාව මේ වන විට තර කර තිබේ.

ඒ රුසියාවේ දකුණු දිග ප්‍රදේශයට වැග්නර් කුලී මැර කණ්ඩායම් වල ග්‍රහණයට නතු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මොස්කවුහි හමුදාව සීරුවෙන් තබා ඇති අතර එරට ජනයාට අන්තර්ජාල පහසුකම් ද ඇතැම් ප්‍රදේශයන්හි විසන්ධි කර තිබේ.

ඇතිවී තිබෙන තත්වය හමුවේ මොස්කව් නගරයේ වැසියන්ට සිය නිවෙස් වලට ම සිත් වී සිටින්නැයි උපදෙස් ලබාදී තිබේ.

වැග්නර් ප්‍රධානියා සඳහන් කරන්නේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම වැරැදි සහගත ක්‍රියාවක් බවය.

ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජාතිය අමුතමින් රුසියානු ජනාධිපතිවරයා කියා සිටියේ ඔ්නෑම අභ්‍යන්තර කැළඹීමකට තම රාජ්‍යයට සහ ජාතියට මාරාන්තික තර්ජනයක් බවයි. තම රට මුහුණ දෙමින් ඇත්තේ පාවාදීමකට බවත් රට ආරක්ෂා කිරීමට ඕනෑම දෙයක් කරන බවත් ඔහු සඳහන් කළේය.

Post a Comment

0 Comments