නුවරඑලිය තැපැල් කන්තෝරුව සංචාරයක හෝටලයකට දෙයි…

 



ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට සර් විලියම් ග්‍රෙගරි , සැමුවෙල් බේකර් යන ආන්ඩුකාරවරුන් යටතේ නුවරඑළිය නගරය පාලනය වූ සමයේ සිටම තැපැල් කාර්යාලයක් ලෙස පැවත එන නුවරඑළියේ අනන්‍යතාව සලකුණු හැටියට හඳුන්වනු ලබන වර්තමාන නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් බවට පත් කිරීමේ රජයේ යෝජනාවට නුවරඑළියේ ස්වේච්ඡා සංවිධාන රැසක , තැපැල් සේවකයන්ගේ හා මහජනතාවගේ දැඩි විරෝධය පල වෙයි.

ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ලොව සුපතල නුවරඑළිය ප්‍රධාන  තැපැල් කාර්යාලය නැරඹීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත සියලුම විදෙස් සංචාරකයන් තම සංචාරය තුළ විශේෂ කාලයක් වෙන් කර ගන්නේ නුවරඑළිය  තැපැල් කාර්යාලයට පැමිණ එහි සුබපැතුම්පක් තැපැල් මගින් තමන්ගේ රටේ සිටින පවුලේ සාමාජිකයන්ට යැවීමට වන අතර මිනිස්සු ඔහොම කාලය වෙන් කර ගන්න සංචාරක න්‍යායපත්‍රෙය් සුවිශේෂි හා අත්‍යවශ්‍යම අංගයක් බවට  බවට පත් කට ගනිමිනි.

මෙවන් වටිනාකම් වලින් හා මෙරටට විදේශ විනිමය ගෙන එනු ලබන ශ්‍රී ලංකාවට හා නුවරඑළියට මිල කළ නොහැකි සම්පතක් ලෙස එදා මෙදා තුර සැලකෙන නුවරඑළිය තැපැල් කාර්යාලය   ශ්‍රී ලංකාවේ මූලික පෙළේ සංචාරක ප්‍රවර්ධන ආයතනයක් වන “ජෙට්වින්” ආයතනයට යටතට පවරා සංචාරක හෝටලයක් ලෙස පවත්වාගෙන යෑමට ඉදිරිපත් වී ඇති රජයේ යෝජනාවට සමස්ත ලංකා තැපැල් හා විදුලි පණිවුඩ සේවක සංගමය , එකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ හා භාරයේදී වොයිස් ඔෆ් නුවරඑළිය ස්වේච්ඡා සංවිධානය ඔවුන්ගේ විරෝධතාවයන් නොයෙක් අන්දමින් මෙහිදී ප්‍රකාශ කර තිබිණ ,

තැපැල් සේවකයන්ගේ සංගම් සියල්ල තමන්ගේ විරෝධතාවය තැපැල් කාර්යාලය අවට ස්ථාන කිහිපයක සී විරෝධතාව වචනවලින් ප්‍රකාශ කරමින් බැනර් ප්‍රදර්ශනය කරමින් පෙන්වා තිබුණු අතර නුවරඑළිය හඬ සංවිධානය මාධ්‍ය වෙත සිය විරෝධතාවය වාචිකව ප්‍රකාශ කරන්නට කටයුතු කරනු ලැබිය ,

නුවරඑළිය හඩ සංවිධානයේ ලේකම් පියසේන කහදගමගේ මහතා අදහස් දක්වමින් කියා සිටියේ ඓතිහාසික වටිනාකම්වලින් පරිපූර්ණ  නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් සඳහා අලෙවි කිරිමේ රජයේ සැලසුමට නුවරඑළිය රැකගැනීම වෙනුවෙන් දේශපාලනික හා ව්‍යාපාරික අරමුණින් තොරව කටයුතු කරන සිය සංවිධානයේ සියලුම සාමාජිකයන්ගේ බලවත් විරෝධතාවය ලේකම්වරයා වශයෙන් තමන් නිල වශයෙන් ප්‍රකාශ කරන බවය .

Post a Comment

0 Comments