මෙරටට වාහන ආනයනය කිරීම සඳහා ප්‍රධාන පෙළේ වාහන ආනයනකරුවන් කිහිපදෙනෙක්ම විදෙස් සමාගම් වෙත තම ඇනවුම් භාරදී ඇති බව වාර්තා වේ.
නුදුරේදීම ශ්‍රී ලංකා රජය විසින් වාහන ආනයන තහනම ඉවත් කරනු ඇතැයි ඉහල විශ්වාසයෙන් ඔවුන් විසින් මෙන්ම ඇනවුම් භාර දී තිබේ.
ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම අත්හිටුවා වසර දෙකක පමණ කාලයක් ගතවේ.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ පහසුකම් ගිවිසුමකට එක්වීමත් සමග
තරගකාරී නිදහස් වෙළඳාම සදහා සීමා පැනවීම් සිදු නොකළ යුතු බවට එකඟතාව මත රජය විසින් ක්‍රමානුකූලව ආනයනය තහනම් ඉවත් කරමින් සිටී.
ඒ අනුව නුදුරේදීම වාහන සහ වාහන අමතර කොටස් ආනයනය සීමා ද ඉවත් කරනු ඇතැයි වාහන ආනයනකරුවන් විසින් ඇනවුම් මෙම භාර දී ඇති බවද දැනගන්නට තිබේ.
මේ අතර අතර ලොව ප්‍රමුඛ පෙළේ ජපාන වාහන සමාගමක ශ්‍රී ලංකා ශාඛාවේ ප‍්‍රකාශකයෙක්ද කියා සිටියේ ශ්‍රී ලංකාවට නුදුරේදීම වාහන ගැන්වීමේ හැකියාව ලැබෙනු ඇති බවට තමන්ට සිය මවු සමාගම විසින් දන්වා ඇති බවයි.
0 Comments