පසුගිය මැතිවරණයේ දී වැඩිම මනාප ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු දිස්ත්‍රික් නායකයන්ට නොසලකන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත් වන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කියා සිටී.
තම පක්ෂයේ දිස්ත්‍රික් නායකයන්ට සලකන ආකාරය අනුව ආණ්ඩුවේ කොතරම් කාලයක් සිටින්නේ ද නැද්ද යන්න ගැන තීරණය කරන බවද හෙතෙම පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂයට අසාධාරණකම් කරන්නේ නම් පක්ෂයට තීරණයක් ගැනීමට සිදුවන බවද පැවසූ විපක්ෂයේ පුටු ඕනෑතරම් ඇති බවත් තමන්ටත් පක්ෂ නායකයන්ටත් රජගෙදර සිරගෙදර හුරුපුරුදු බවත් තවදුරටත් කියා සිටියේය.
0 Comments