ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අද (19) පැවති ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර තරගය ලකුණු 175ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 355ක් රැස්කර ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 78ක් රැස්කර ගැනීමට සමත් විය.
සධීර සමරවික්‍රම රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 73කි.
පැතුම් නිශ්ශංක ලකුණු 57ක් රැස්කර ගැනීමට සමත් විය.
දිමුත් කරුණාරත්න ලකුණු 52ක් රැස්කර ගත්තේය.
අනතුරුව පිටියට පැමිණි එක්සත් අරාබි එමීර් කණ්ඩායමට පන්දුවාර 39කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 180ක් පමණී.
එක්සත් අරාබි එමීර් කණ්ඩායම වෙනුවෙන් නායක මුහම්මද් වසීම් ලකුණු 39ක් රැස්කර ගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වනිදු හසරංග විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 8ක් යොමු කරමින් ලකුණු 24කට කඩුළු 6ක් දවා ගැනීමට සමත් විය.
වනිදු හසරංග මෙම තරගයේ වීරයා බවට පත්විය.
0 Comments