පොහොට්ටුව ගබ්සා වුණා… සාගර විතරක් ඉතිරි වුනා..

 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන ගබ්සා වීමකට ලක් වූ බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දෙන්නේ එම පක්ෂයේ නියෝජිතයකු වූ තමාට එරෙහිව රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් කටයුතු කිරීම මීට හේතු වූ බවයි.

පොදුජන පෙරමුණේ එකම නිලධාරියා එහි මහලේකම් සාගර කාරියවසම් මහතා පමණක් බව පෙන්වා දෙන ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරියේදී පොදුජන පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව පුළුල් දේශපාලන බලවේගයක් ගොඩනගන බව ද සඳහන් කර ඇත.



Post a Comment

0 Comments