ගිනිකොණ දිග අරාබි මුහුදේ හටගත් බිපාර්ජෝයි සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ අංශ පවසයි.
එම මුහුදු කලාපයේ ධීවර කටයුතුවල නිරත වූ සියලුම මෙරට ධීවර යාත්‍රා මේ වන විට ආරක්ෂිත ප්‍රදේශ වෙත යාත්‍රා කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත සඳහන් කළේය.
බිපාර්ජෝයි සුළි කුණාටුව මේ වසරේ අරාබි මුහුද ආශ්‍රිතව හටගත් පළමු සුළි කුණාටුවයි.
එය ඉදිරි පැය කිහිපය තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් උතුරු දෙසට ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
0 Comments