මාලි රාජ්‍යෙය් සාමසාධක රාජකාරියේ නිරත ශ්‍රීලංකා යුදහමුදාවේ සංග්‍රාමික රථආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ත්‍රස්ත සංවිධානයක් විසින් වලදමන ලද කිලෝ 20 ක් බරැති විශාල බෝම්බයක් සොයාගැනීමට සමත්ව ඇතැයි යුදහමුදාව පවසයි.
මාලි රාජ්‍යෙය් ටෙසාලිට් සිට ගාඕ දක්වා සිදුකෙරෙන සෝදිසි මෙහෙයුමක් අතරතුරදී යුදහමුදාවේ සංග්‍රාමික රථආරක්ෂක අංශයේ 4 වන කණ්ඩායම විසින් කාන්තාර වැලි බිම් මාර්ගයක වලදමා තිබූ මෙම අධිබලැති බෝම්බය සොයාගනු ලැබීය.
එහිදී ප්ලාස්ටික් උපකරණයකට අධිබලැති පුපුරණදව්‍ය අඩංගු කොට තිබියදී සොයාගත් අතර සාමසාධක හමුදාවේ රථපෙල ඉලක්කකරගනිමින් මෙලෙස බෝම්බය අටවා ඇතැයිද යුදහමුදාව සැකපල කර සිටියි.
මේ අතර පසුගිය මැයිමස 22 වනදා සාමසාධක රථපෙලක් ටෙසාලිට් දක්වා ගමන්කරමින් තිබියදී ශ්‍රීලංකා යුදහමුදා ආරක්ෂක රථයක් මාර්ගයේ අටවා තිබූ බිම්බෝම්බයකට හසුවීමෙන් එක් යුදහමුදා නිලධාරියෙකු ඇතුලු සිව් දෙනෙකු තුවාල ලැබීය.
ශ්‍රීලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක ඛණ්ඩයේ භටපිරිස් විසින් ජීවිත අවදානම, අයහපත් කාලගුණික තත්ත්වයන් සහ භූමියේ දුෂ්කරතා ගැන නොතකා, භඨකාර්ය සම්පාදක රථ, ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් සහ භාණ්ඩ ප්‍රරවාහනය කරන ට්‍රක් රථ සඳහා ආරක්‍ෂාව සපයයි. ශ්‍රීලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක ඛණ්ඩයේ භටපිරිස් සුපරීක්‍ෂාකාරීව සහ ජීවිත අවධානමද නොතකා තම රාජකාරි කිරීම් වගකීමෙන් යුතුව ඉටුකරති.
0 Comments