නුවරඑළිය පොලිස් වසමට අයත් ලබුකැලේ ප්‍රදේශයේ පාසල් වයසේ පසුවන අවුරුදු 14 ක සිසුවෙක් ගෙළ වැළලාගෙන සියදිවි හානි කර ගත් සිදුවීමක් (08) වාර්තා වූ බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්ච් මහතා පැවසිය.
නුවරඑළිය පොලිස් වසමට අයත් නුවරඑළිය ලබුකැලේ වත්ත පහළ කොටසේ පදිංචි නඩේසන් දිලීප් (පියා) යන අය විසින් (08) දින දහවල් 12 ට පමණ සිය දරුවා වන අවුරුදු 14ක් වයසැති ආකාස් රාජ් නිවසේ ගෙල වැලලා ගැනීම හේතුවෙන් අසාද්‍ය වී නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසියට පැමිණිලි කර ඇත.
දරුවා රෝහලට ඇතුළු කිරීමත් සමඟින් මියගොස් ඇති බවට අනාවරණය වීමත් සමග සිදුවීම සම්බන්ධව නුවරඑළිය පොලිසියට අනුයුක්තව සේවය කරන අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ස්ථාන පරීක්ෂණයක් සිදු කළ බවත්, සිසුවාගේ මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති බව නුවරඑළිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය.
තවද මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී සිසුවාගේ මරණය පිළිබඳව කිසිදු සැක කටයුත්තක් හෝ සිසුවා සියදිවි නසා ගැනීමට හේතුවක් අනාවරණය නොවූ බවත් සිසුවාගේ මරණය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත බව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය.
0 Comments