ඇමරිකානු ඩොලරයක මිල ශ්‍රී ලංකා රුපියල හමුවේ පහළ ගියද ජංගම දුරකථන හා උපාංග අඩු මිලට සාපේක්ෂව මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා සන්නිවේදන හිමියන්ගේ සංගමය කියාසිටියි.
අඩු මිල ගණන් නැති කිසිදු ජංගම දුරකථනයක් වූ උපාංගයක් අලෙවි කළ නොහැකි බව සංගමයේ සභාපති ඉන්ද‍්‍රජිත් පෙරේරා මහතා කියා සිටියි.
දැනට මීට පෙර රුපියල් 1500ට පමණ අලෙවි කල ජංගම දුරකථනයක් තවමත් රුපියල් 4500 මිල සීමාවේ පවතින බවද හෙතෙම පෙන්වා දෙයි.
ඩොලරයේ අගය අඩු වුවද මහා පරිමාණ අපනයනකරුවන්ට කිසිදු සහනයක් ලැබී නැතැයි පවසන සභාපතිවරයා මේ හේතුවෙන් කුඩා පරිමාණ අලෙවිකරුවන්ට ද සහනයක් ලබා දීමට නොහැකි බවද කියා සිටියි.
0 Comments