ජනපති රටින් පිටවෙයි…

 



බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම රටින් පිටව ගොස් තිබේ.

කටුනායක ගොන් තොටුපොළෙන් ඒ මහතා එමිරේට්ස් ගුවන් යානාවකින් පිටව ගොස් ඇති බව ගුවන් තොටුපළ වාර්තාකරු කියා සිටියි.

බ්‍රිතාන්‍ය සංචාරයෙන් පසු ඒ මහතා ප‍්‍රංශයේ පැවැත්වෙන නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගිවීමට නියමිතය.

එම සමුළුව ජූනි මස 22 හා 23 දෙදින තුළ ප්‍රංශයේ දී පැවැත්වේ.

Post a Comment

0 Comments