වත්මන් පාර්ලිමේන්තුව තුල විපක්ෂයක් නොමැති බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය.
චමිර පෙරේරා මහතා (24) දින හැටන් නගරයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බැව් පැවසිය.
මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ අද විපක්ෂයේ වැඩි පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වටා එක් රැස් වි ඇති බවයි.
පාර්ලිමේන්තුව තුලද රටට වැඩදායි යමක් සිදු නොවන බවත්, පාර්ලිමේන්තුව මේ වන විට තක්කඩින්ගේ ගුබ්බැයමක් බවට පත් වි ඇති බවයි චමිර පෙරේරා කියා සිටියේ.
සමෘද්ධිය නැති කර අස්වැසුම නමින් අලුත් වැඩසටහනක් ක්‍රියාක්මක කර රටේ පාලකයින්ගේ හිතවතුන්ට පමණක් අස්වැසුම තුලින් සහන සලසා දෙන බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග සහ උපදෙස් අනුව රනිල් වික්‍රමසිංහ මහතා රට පාලනය කරමින් සිටින බවයි චමිර පෙරේරා වැඩිදුරටත් කියා සිටියේ.
0 Comments