ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා එක් වීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනා වී ඇති එම පක්‍ෂ බෞද්ධාගමික කටයුතු ප්‍රධානී ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා සඳහන් කරයි.
එම යෝජනාව සම්බන්ධයෙන් පක්ෂයේ ඇතැමුන් කැමැත්ත පළ කර ඇති බවත් සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයෙක්ද වන හෙතෙම පවසයි.
එම එකතුවීම තුළ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා විය යුතු බවත් අග්‍රාමාත්‍ය අපේක්ෂකත්වය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දිය යුතු බවත් ධනවර්ධන ගුරුගේ මහතා පෙන්වා දෙයි.
ඔහු මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදීය.
0 Comments