මෙරට රාජ්‍ය බැංකු දැනටමත් බංකොලොත් වී හමාර බවත් ඉදිරියේදී තැන්පත්කරුවන්ගේ පොලී නොගෙවීමේ ඉඩකඩක් පවතින බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
ඇතැම් විට ඉදිරියේදී තැන්පත් මුදල් පවා නොලැබීමට ඉඩ ඇති බවත් ඒ මහතා අවධාරණය කරයි.
ඔහු මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.
පළාත් පාලන මැතිවරණය ඉල්ලා 08 දිනයේ ජාතික ජන බලවේගයෙ සාමාජිකයන් විසින් රාජගිරියේ පිහිටි මැතිවරණ මහා ලේකම් කාර්යාලය වටලන බවත් හදුන්නෙත්ති මහතා එහිදී සඳහන් කරයි.
එමෙන්ම 08 වැනිදා සිට පළාත් පාලන මැතිවරණය ඉල්ලා දිස්ත්‍රික්ක මට්ටමෙන් දැවැන්ත සටන් ව්‍යාපාරයක් ආරම්භ කරන බව ද ඒ මහතා තවදුරටත් කියා සිටී.
0 Comments