ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් ඊයේ(19) සිට ලබන ජූලි 04 වන වැනිදා දක්වා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමෙන්තුව පවසයි.
එමෙන්ම දේවාලයෙහි ඇසළ උත්සවය සදහා සහභාගී වන බැතිමතුන් කිසිවෙකුටත් මත්ද්‍රව්‍ය පූජාභූමිය තුළට ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වෙතත් අදාළ කාල සීමාව තුළ දී රාජකාරි කටයුතු සිදු කිරිම සඳහා ඌව පළාත නියෝජනය කරන සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් අවට ප්‍රදේශවල රාජකාරියේ යෙදවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
0 Comments