පාසල් දරුවන්ට නිවැරැදි ලිංගික අධ්‍යාපනයක් ලබාදීම අත්‍යවශ්‍ය දෙයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා සඳහන් කරයි.
ඒ සමඟම දරුවන්ට නිවැරැදි මානසික අධ්‍යාපනයක් ලබාදීමේ ක්‍රමවේදයක් ද ඇති කළ යුතු බව ද හෙතෙම පෙන්වා දෙයි.
යහපත් මානසික සෞඛ්‍යයක් ඇති වීම සඳහා අධ්‍යාපන ක්‍රමය දියුණු කළ යුතු බවද හෙතෙම කියා සිටියි.
ක්‍රීඩාව කලා කෘති සාහිත්‍ය වැනි දේ හරහා එම වෙනස කළ හැකි වනු ඇතැයි ද තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.
තමන් ලිංගිකත්වය ගැන මුලින්ම ඉගෙන ගත්තේ තම යහලුවන්ගෙන් බවත් හෙතෙම පාර්ලිමේන්තුව අමතමින් තව දුරටත් කියා සිටියේය.
0 Comments