මහජන විරෝධය මැද සැකකරුවෙකු අත්අඩංගුවට… විමර්ෂණයක්…

 

බගවන්තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට පැමිණි ගණුදෙණුකරුවෙකු සහ බැංකුවේ කලමණාකරු අතර (22) දින පස්වරුවේ ඇති වුවේ යැයි කියන බහින් බස් විමක් සම්බන්ධයෙන් එම ගණුදෙණුකරුවා බගවන්තලාව පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනිමට ක්‍රියාකල ආකාරය සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කර ඇති බව හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගම මහතා පැවසිය.

බගවන්තලාව රාජ්‍ය බැංකුවේ කලමණාකාරවරයා විසින් බගවන්තලාව පොලිසියට කල දැනුම් දිමක් මත බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් එම බැංකුව අසලට ගොස් සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්තාවේ බගවන්තලාව පොලිසියේ නිලධාරින්ට එම ස්ථානයේ රැදි සිටි පිරිසගෙන් දැඩි විරෝධයක් මතුවිය.

විදේශිය රටක රැකියාවක නිරතව සිට පැමිණි එම ගණුදෙණුකරුවා සැකපිට බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර , එම සැකකරු (23) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලිසිය පැවසිය.

බගවන්තලාව පොලිසියේ නිලධාරින් පිරිසක් එම සැකකරු අත්අඩංගුවට ගන්නා ආකාරය එම ස්ථානයේ රැදි සිටි පුද්ගලයෙකු විසින් සජිවිව සමාජ මාධ්‍යට එක් කර තිබුණි.

Post a Comment

0 Comments