යාපනය දිස්ත්‍රීක්කයේ ධාවනය වන බස්රථවල ගමන්ගන්නා වයෝවෘද්ද කාන්තාවන්ගේ ජංගම දුරකතන ඉතා සූක්ෂමව සොරාගත් අයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බවට යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
යාපනය බස්රථවල කානත්වාන්ගේ දුරකතන සොරාගැනීම සම්බන්ධයෙන් ලැබුනු පැමිණිළි කිහිපයකට අනුව කොට්ඨාශ අපරාධ අංශයේ නිලධාරීන් විසින් සිදුකල මෙහෙයුමකදී අදාල සැකකරු යානපය මාණිප්පායි ප්‍රදේශයේ ගමන්ගත් බස්රථයක කන්තාවගෙන් ජංගම දුරකනයක් සොරාගත් අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු විසින් සොරාගෙන තිබූ තවත් ජංගම දුරකතන 09 ක් තිබී පොලීසිය විසින් සොයගෙන ඇති අතර සැකකරු විසින් සොරාගන්නා ලද ජංගම දුරකතන මිලට ගන්නා පුද්ගලයින් සිව් දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ජංගම දුරකතන සොරකමේ යෙදුනු සැකකරු පුත්තලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සෙසු සැකකරුවන් සිව් දෙනා යාපනය ප්‍රදේශයේ පදිංචි කරුවන් වෙයි.
ජංගම දුරකතන නැතිවූ බවට පැමිණිළි කොට තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරගෙන අදාල ජංගම දුරකතන නැවතඅයිතිකරුවන්ට රැගෙන ගිය හැකි බවටද යාපනය පොලීසිය දන්වා සිටින අතරම අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි කෙට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුරටත් පැවසීය.
0 Comments