ජනතාවට ආරක්ෂිත පානීය ජලය ලබාදෙන ජලය පිරිසිදු කරන ක්‍රියාවලියේදී, මෙතෙක් දිනකට ඉවත දැමූ කියුබික් මීටර 30 ක්වූ ඝන අපද්‍රව්‍ය සඳහා ආර්ථික වටිනාකම් ලබාදීමේ ව්‍යාපෘතියක් අද සිට ආරම්භ කළ බව, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ප්‍රකාශ කළේය.
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග සහ සහ ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති කසුන් රණතුංග යන මහත්වරුන් අතර කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලදි.
මෙහිදී වැඩිදුරටත් කතාකළ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේ, දිනකට ඝනමීටර් තුනකට ආසන්න ජල ප්‍රමාණයක් ආරක්ෂිත පානීය ජලය ලෙස සකස් කරන බවයි. මෙම ජල පිරිපහදු ක්‍රියාවලියේදී දල වැලි, සියුම් වැලි, රොන්මඩ, මැටි සහ කාබනික ද්‍රව්‍ය යන කොටස් පරිසරයට බැහැර කරන බවත්, ඒ සඳහා අතිරේක මුදලක් දැරීමට සිදුවීම මෙන්ම පරිසර ගැටළු රැසකට මුහුණදිමට සිදුව තිබීම මේවනවිට බරපතල ප්‍රශ්නයක්ව ඇති බවයි. මේ පිළිබඳව අවධානය යොමුකර පසුගිය වසර පහක් පුරා කළ පර්යේෂණ මගින් සාර්ථක විසඳුමක් කරා එළැඹීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, ඉවතලන අවසාදිත කොටස් ගඩොල් කර්මාන්තය, ක්‍රිකට් තණතිල්ල සැකසීම, විසිතුරු ද්‍රව්‍ය නිෂ්පාදනය, ටයිල් කර්මාන්තය සහ කොන්ක්‍රීට් බිම ඇතුරුම් වැනි අංශ සඳහා යොදාගැනීමට ඇති හැකියාව පිළිබඳව තවදුරටත් අත්හදා බැලෙමින් පවතින බවයි. මේ සියල්ල නව සංවර්ධන ව්‍යාපෘතිවල නව හැරවුම් ලක්ෂයක් මෙන්ම නව ගමන් මගක ඇරඹුමක් වන බවට රාජ්‍ය අමාත්‍යවරයා විස්වාසය පළකර සිටියි.
කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා කතාකරමින් කියා සිටියේ, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ තමන්ගේ රාජ්‍ය අමාත්‍යංශයන් තවදුරටත් දෙකක් නොව එකක් ලෙස දකින බවයි. රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාගේ අමාත්‍යාංශ මේවනවිට පවතින යැපුම් මානසිකත්වයෙන් මිදී කටයුතු කරන බවත්, ලාබ ලැබීමම පමණක් නොව නිෂ්පාදන සහ සේවා ඉලක්කයන් වර්ධනය කරමින්, නව නිෂ්පාදන ක්‍රියාවලින් කෙරෙහි අවධානය යොමුකර ඇති බවද පෙන්වා දුන්නේය. මෙතෙක් කලක් අනවශ්‍යවූ අවසාදිත ද්‍රව්‍ය, අත්‍යාවශ්‍ය අවසාදිත ද්‍රව්‍ය බවට පත්කරගැනීමට හැකිවීම පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරුන් වශයෙන් දෙදෙනාම සතුටුවන කාරණයක් බවද රාජ්‍යය අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේය. අනවශ්‍ය අපද්‍රව්‍ය, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බවට මෙම වැඩපිළිවෙල හරහා පත්කර ගැනීමට ලැබීම අතිවිශාල ජයක් බව පෙන්වස් දුන් රාජ්‍ය අමාත්‍යවරයා, මෙය ඉදිරියේදී තවත් වර්ධනය කරගත් යුතුබවද පෙන්වා දුන්නේය.
මේ අනුව, අනවශ්‍ය අපද්‍රව්‍ය පිරිපහදුකර මැටි ආශ්‍රිත අත්කම් කර්මාන්තය ලබාදීමේ වැඩපිළිවෙලක් දැනටමත් සකස්කර ඇත. මෙහිදී, මෙතෙක් ගැටලුවක්ව පැවැති අමුද්‍රව්‍ය ප්‍රවාහනය, මැටි කැනීමේදී ඇතිවන පාරිසරික ගැටලු, අමුද්‍රව්‍ය වල හිඟය, අමුද්‍රව්‍ය වල අධික මිල යන කරුණුවලට සහනයක් ලැබෙනු ඇත. දැනටමත් මහයාල සහ රණාල මැටි කර්මාන්තකරුවන් මේවනවිට මෙමගින් නිෂ්පාදන කටයුතු සිදුකරමින් සිටියි. ඉදිරියේදී ව්‍යවසායකයින් දැනුවත් කිරීමටත්, අදාල ශිල්පීන් මෝස්තර මධ්‍යස්ථානයේ ලියාපදිංචි කිරීමටත් සැලසුම් සකස්කර තිබේ. නව ආරම්භක අවස්ථාවේදීම බස්නාහිර පළාතේ මැටි කර්මාන්තයේ නිරත පවුල් 431 දෙනෙකු මෙම නව ක්‍රමයෙහි ප්‍රතිලාභින් බවට පත්ව සිටියි. තවද බස්නාහිර පළාතේ මැටි පහන් නිෂ්පාදකයින් 240 දෙදෙනෙකුද සෘජු ප්‍රතිලාභින් ලෙස කටයුතු කිරීමට නියමිතව සිටියි.
මෙහිදි ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ පර්යේෂණ නදීකා බමුණුසිංහ මහත්මිය පර්යේෂණ වාර්තාව පැහැදිලි කළ අතර, කරන ලද නිර්මාණ ප්‍රදර්ශනයකිරීම හා හඳුන්වාදීමද සිදුකෙරිණ. මෙම අවස්ථාවට රාජ්‍ය අමස්ත්‍යාංශවලත්, ඒ යටතේ ඇති ආයතනවලත් නිලධාරින් රැසක් සහභාගිවී සිටියහ.
0 Comments