වික්‍රමසිංහ පාලනය පරාජය කිරිම සඳහා ඒකාබද්ධ විපක්ෂයක් පිහිටුවීමට අරමුණු කර සිටින බව නිදහස් ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
ඒ සඳහා සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුළු විපක්ෂයේ සියලුම කණ්ඩායම් සමග සංවාදයක් ඇති කිරීමට නිදහස ජනතා සභාව සූදානම් බව ද අලහප්පෙරුම මහතා පැවසීය.
රජය පරාජය කිරීමේ පොදු අරමුණ ඉටුකර ගැනීම සඳහා සියලු විරුද්ධ පක්ෂවලට පාලමක් ඉදිකිරීමට ප්‍රමුඛත්වය ලබාදීම තම අභිප්‍රාය බව ද හෙතෙම කියා සිටී.
මේ අතර සමගි ජන බලවේගය ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන්නේ තම පක්ෂය මේ වන විට අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම සමඟ සාකච්ඡාවක නිරත වෙමින් සිටින බවයි.
එහිදී ඒකාබද්ද වැඩපිලිවෙලක් ගැන සාකච්ඡා වෙමින් ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.
0 Comments