අල්ලස් ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාව ජුනි මස 20 තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පුද්ගලයෙකුගෙන් රුපියල් 50,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගන්නා අවස්ථාවේ සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා අද (07) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
ප්‍රාදේශීය සභා පරිශ්‍රය තුළදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අම්බලන්තොට, බැරගම ප්‍රදේශයේ පුද්ගලයෙකු කළ පැමිණිල්ලකට අනුවයි.
0 Comments