ශ්‍රී ලංකාවට ආනයනය අත්හිටුවීම සහ විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීම බොහෝ ගිවිසුම්වලට පටහැනි බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සඳහන් කරයි.
මේ වසර අවසන් වන විට ණය ප‍්‍රතිව්‍යුගතකරණය අවසන් කළ යුතුව ඇති බවත් ඒ සඳහා ආනයන සීමාවන් ලිහිල් කිරීම වැදගත් බවත් හෙතෙම කියා සිටී.
පසුගිය වසර දෙක තුනක් තිස්සේ ශ්‍රී ලංකාවට බොහෝ භාණ්ඩ ආනයනය නොකළ බවත් එම කාලය ඇතුළත ආර්ථිකය සැලකිය යුතු ලෙස හැකිවී ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
අද වන විට රුපියලේ අගය පවතින්නේ යම් පාලිත පරිසරයක බවත් පැවසූ ඔහු රට යථා තත්ත්වයට පත්වූ විට නව අභියෝගයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයිද කියා සිටියි.
පවතින පාලිත පරිසරයෙන් ඉවත් වීම වසරක් පමණ ඇතුළත සිදු වනු ඇති බවත් එවිට රුපියලේ නියම වටිනාකම කුමක්දැයි දැකිය හැකි බවත් වෙළඳපොල තීරණය කරන පොලී අනුපාත දැකිය හැකි වනු ඇති බවත් හෙතෙම තවදුරටත් පැවසීය
0 Comments