ලොක්කෙක් එළුවන් දෙදෙනෙක් අල්ලසට ගනී..

 



අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු මාර මාරු අංශය භාර ජාතික පාසල නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයෙකු ගුරු මාරුවක් කර කරදීම සඳහා එළුවන් දෙදෙනෙකු අල්ලසක් ලෙස ලබාගෙන ඇතැයි වාර්තාවෙයි.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ බව හෙළි වී ඇත.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සමන්ප්‍රිය හේරත් මහතා මෙම තොරතුරු එහිදී හෙළි කර ඇත.

තම ප‍්‍රදේශයේ ගුරුවරයෙකු ස්ථාන මාරුවක් ලබා ගැනීමට අදාළ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයා මුණගැසීමට ගිය අවස්ථාවේ එම කාර්යය කර දීම සඳහා එළුවන් දෙදෙනකු ලබා දෙන ඉල්ලීමක් කර ඇති බව ද දැනටමත් එම එළුවන් දෙදෙනා ලබාදී ඇතත් ගුරු මාරුව සිදු කර නොමැති බවද මන්ත්‍රීවරයා කණ්ඩායම් රැස්වීමේදී පවසා ඇත.

එහිදී ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යාවරයාට උපදෙස් දී ඇත්තේ සිද්ධිය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා එම නිලධාරියා පිළිබඳව විනයානුකූල පියවර ගන්නා ලෙසයි.

Post a Comment

0 Comments