පානදුර, වෑකඩ ප්‍රදේශයේදී පසුගිය මැයි මස 31 වනදා තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඊයේ (13) කතරගම බස්නැවතුම්පොලේදී රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.
පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිටදී තරුණයෙකුට කඩුවකින් පහර දී ඇති අතර පහර කෑ තරුණයා තුවාල ද සමග ඇඟලුම් කම්හලේ භූමිය වෙත දිවගොස් තිබුණි.
ඔහු පසුපස ලුහුබැඳ පැමිණි ඝාතකයා එම ස්ථානය තුළට ඇතුළු වී තරුණයාට කඩුවෙන් පහරදෙන ආකාරය එහි තිබූ CCTV කැමරාවක ද සටහන්ව තිබුණි.
තරුණයාගේ හිස ප්‍රදේශයට දරුණු පහරවල් කිහිපයක් එල්ල කර ඇති අතර ඔහු එම ස්ථානයේම මියගොස් තිබුණි.
මෙලෙස මියගොස් ඇත්තේ මෝදරවිල තට්ටු නිවාස සංකීර්ණයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.
කලක පටන් දෙපිරිසක් අතර ඇතිව තිබූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කළේය.
0 Comments