අස්වැසුම ඉල්ලා ප‍්‍රා.ලේ. කාර්යාල පිරේ.. අභියාචනා ගොඩගැසේ… පාරවල් වසා විරෝධතා

 

සමුර්දි සහනාධාර වෙනුවට රජය විසින් යෝජනා කර ඇති අස්වැසුම සහනාධාරය ලබා ගැනීම සඳහා එයට ඇතුළත් නොවූ විශාල පිරිසක් රට පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අභියාචනා භාර දී තිබේ.

අභියාචනා පත්‍ර භාරදුන් පිරිස අතර සමෘද්ධි ප්‍රතිලාභින් සහ සමෘද්ධි ප්‍රතිලාභ නොලැබුණු විශාල පිරිසක් සිටිති.

අස්වැසුම ප්‍රතිලාභ ලැබිමට නුසුදුසු පුද්ගලයන් විශාල පිරිසකට එම ප්‍රතිලාභ ලබා දි එම ප්‍රතිලාභ ලැබිය යුතු අඩු ආදායම්ලාභි විශාල පිරිසකට ප්‍රතිලාභ ලබා දිමට ක්‍රියා කර නොමැති බවටද ඔවුන් චෝදනා කලහ.

ඉදිරිපත් කල අභියාචනා වලට සාධාරණය ඉටු කර තමන්ට අස්වැසුම ප්‍රතිලාභ ලබාදෙන ලෙස අභියාචනා ඉදිරිපත් කල අඩු අදායම්ලාභින් කියා සිටිති.

ඇතැම් ප‍්‍රදේශවල පාරවල් වසා විරෝධතාද පවත්වන ලදී.

Post a Comment

0 Comments