ජයවර්ධනපුර රෝහල පුද්ගලීකරණය කරන්නයි කියා රෝහලේ සභාපති ඉල්ලා අස්වෙයි..

 

කොළඹ ජයවර්ධනපුර රෝහල තුළ පවතින ගැටලුව ඇති එකම විසඳුම එය පුද්ගලීකරණය කිරීම බව එම රෝහලේ සභාපති ධුරය දැරූ මහාචාර්ය එස්.ඩී. ජයරත්න මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ දීය.

එම ප්‍රකාශයට විරෝධය පළකරමින් රෝහල් කාර්ය මණ්ඩලය රෝහල් පරිශ්‍රය විරෝධතා පෝස්ටර් අලවා තිබිණි.

මෙම තත්ත්වය මත එම රෝහලේ සභාපති ධුරයෙන් ජයරත්න මහතා ඉල්ලා අස්වී තිබේ.

ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය සෞඛ්‍ය ඇමති වරයාට බාර භාරදී ඇති අතර තමන් පෞද්ගලික හේතූන් මත මෙම ඉල්ලා අස්වීම සිදුකළ බවද සඳහන් කළේය.

කෙසේ වෙතත් ඔහු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටී.

මේ අතර පුරප්පාඩු සභාපතිධුරය සඳහා හිටපු සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පත්කර තිබේ.

Post a Comment

0 Comments