දෙමළ ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ පිහිටි ඔහුගේ නිවසේ දී පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා කියා සිටියි.
යාපනය ප්‍රදේශයේ පැවති විභාග මධ්‍යස්ථානයක් අසල සේවයේ නිරත වූ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි එල්ල වී ඇති චෝදනා මත ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
0 Comments