සුපිරි වෙළඳසැලකට පැනලා සුපිරි ගේමක් දීලා.. පොලිසියත් හොල්මං…

 

යාපනය චාවකච්චේරි පොලිස් වසමට අයත් කයතඩි මංසන්ධියේ පිහිටි සුපිරි වෙළඳසැලකට ඇතුල් පුද්ගලයින් විසින් වෙළඳසැලේ තිබූ මුදල් හා භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.

පසුගිය 18 වනදා රාත්‍රියේ මෙම සුපිරි වෙළඳැලට ඇතුල්වී එහි මුදල් අයකැමි ලාච්චුවේ තිබූ රුපියල් ලක්ෂ 3 කට අධික මුදල් සහ වෙළඳසැලේ තිබූ කිරිපිටි, බීම වර්ග සහ ආහාර වර්ග රැසක් සොරාගෙන ගොස් ඇති බවට වෙළඳසැලේ හිමිකරු විසින් පොලීසියට පැමිණිළි කොට ඇත.

සුපිරි වෙළඳසැලට සොරෙකු ඇතුල්වන ආකාරය වෙළඳසැල තුල තිබූ සී.සී.ටී.වී. කැමරාවන්හි දර්ශනය වවුවද සොරුන් විසින් සූක්ෂමව අඩි සලකුණු, ඇඟිලි සලකුනු නොවදින අයුරින් අත්මේස් සහ පාවහන් පැළඳ සිටි අතරම මුවද ආවාරනය කොටට ඇති අයුරු දැකගත හැකි වෙයි.

කෙසේ වෙතත් අදාල සොරකම සිදුකරන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර සී.සී.ටී.වී. කැමරා ආශ්‍රයෙන් පුලුල් පරික්ෂණයක් අරඹා ඇතැයිද චාවකච්චේරි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments