යාපනය කන්දර්මඩම් පාල්ම් මාර්ගයේ පිහිටි වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නිවෙස් වෙතට ඊයේ (20) දින පෙට්‍රල් බොම්බ ප්‍රහාරයන් දෙකක් එල්ල වී ඇතැයි පොලීසිය පවසයි.
කිසියම් නාදුනන පිරිසක් විසින් යුතුරුපැදිවලින් පැමිණ වෙවද්‍යවරුන්ගේ නිවෙස් වෙතට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයන් එල්ල කොට පලා ගොස් ඇති බවට පොලීසිය පැවසීය.
අදාල ප්‍රහාරයෙන් නිවසේ කිසිවෙකුටත් හානියක් සිදු නොවි ඇති අතර සුලු දේපල හානියක් පමණක් වාර්ථා වී ඇත.
පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර ඉඩම් ආරවුලක් මත මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පරික්ෂණ සිදුකරන යාපනය පොලීසිය සැකපල කර සිටියි.
0 Comments