‘අස්වැසුම වහාම නිවැරැදි විය යුතුයි. සුදුසු අයට නොලැබිලා නුසුදුසු අයට ලැබිලා’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.
එහිදී ඔහු මෙසේද පැවසීය.
අස්වැසුම දෙන්න ගිහිල්ලා ජනතාව පාරේ ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක වහාම නිවැරදි විය යුතුයි. සුදුසු අයට හම්බෙලා නැහැ නුසුදුසු අයට දීලා. මේක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. මේක සම්පූර්ණ වැරදියි. ආර්ථික ප්‍රශ්න තියෙන වෙලාවේදී අහිංසක අයට කරදර දෙන්න හොඳ නැහැ. මේක වහාම නිවැරදි විය යුතුයි අපි ඔක්කොම ඉන්නේ එතැන.
අනික ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වය අරගෙන නිලධාරීන් ටික බොහොම උපක්‍රමශීලීව ඉවත් කරගත්තා. ඒ වගේ ප්‍රතිපල තමා මේ තියෙන්නෙ. ජනතා විමුක්ති පෙරමුණ තමයි නිලධාරීන් අවුස්සගෙන උද්ඝෝෂණය කරගෙන වැඩ කරන්න ඉඩ නොදී හැම ප්‍රශ්නයක්ම ඇති කළේ ඒ වගේ ප්‍රතිඵල තමා මේ එන්නේ. කොවිඩ් වෙලාවෙත් ඒගොල්ලො ගුරුවරු ගෙනල්ල ප්‍රශ්න ඇති කළා.
මම විශ්වාස කරනවා සමෘද්ධි ප්‍රශ්නය පිටුපස වුණත් විශාල කුමන්ත්‍රණයක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ එක්කෙනෙක් දෙන්නෙක් රිංග ගත්තාම ඇති මහා විනාශයක් කරන්න. සිය දාස් ගානක් ඕන නැහැ.
ප්‍රජාතන්ත්‍රවාදී විදිහට කතා කරාට අපි දන්නවා පාර්ලිමේන්තුව වට කරන්න කියපු දේවල්. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මොවුන් හැම දෙයක් පිටුපසම ඉන්නවා කියලා. තරැණයෝ මරාගත්ත අය තමයි ජවිපෙ කියන්නෙ
ඡන්දෙකට අපි ලෑස්තියි ඡන්ද තිබ්බනම් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. දැගිලිලි ඔක්කොම ඉවරයි. උද්ඝෝෂණ කරන එක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්.
මම දැක්කා අස්වැසුම නිසා උද්ඝෝෂණ කරනවා.මම එනකොට මන්ත්‍රී කෙනෙක් කිවුවා ගහක් උඩ නැගලා අස්වැසුමට විරුද්ධව උද්ඝෝෂණ කියලා. ජනතාවට ගස් නගින්ඩ එපා කියලා කියන්නත් බැහැ. මිනිස්සු එක එක ක්‍රම හොයාගන්නවා ගස් නගින එක හොඳයි ගල් කටස් එකක් අරගෙන වෙඩි තියන්නේ නැතුව.
කොහොමත් මම ඉන්නෙ ජනතාවගෙ පැත්තෙ ඇත්තටම දේශපාලනිකව හිතන්න හොද නෑ.මානුෂික හැගීමෙන් මේ අස්වැසුම ප්‍රශ්නෙ දිහා බලන්න ඕනෙ.වැරැදි තැන් වහාම නිවරැදි විය යුතුමයි.මම ඉන්නෙ ඒ ස්ථාවරයෙ’
0 Comments