මෙරට භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් නැවත වතාවක් ඉහළ යාමට පටන් ගෙන තිබේ.
වාහන අලෙවි කරැවන් සඳහන් කරන්නේ ඉන්ධන මිළ පහළ යාම, ඩොලරයේ අගය පහළ යාම මත මෙම තත්වය ඇති වී තිබෙන බවයි.
නමුත් වාහන අමතර කොටස්, නඩත්තු වියදම්, රක්ෂණාවරණ හා ලීසිං ගාස්තු මෙතෙක් පහත බැස නැති බවද වාහන අලෙවිකරුවන් කියා සිටිති.
ඒවායේ මිල අඩු වීමත් සමග වාහන අලෙවිය තව දුරටත් ඉහළ යාමක් දක්නට හැකි වනු ඇති බවත් ඔවුන් කියා සිටියි.
දැනට මෙරට තුළ ජනප්‍රිය වාහන කිහිපයක අද වන විට මිල ගණන් මෙසේය.
- Premio (2017) – ලක්ෂ 130-135
- Aqua G (2012) – ලක්ෂ 48-56
- Vezal (2014) – ලක්ෂ 72-80
- Fit (2012) – ලක්ෂ 47-53
- Vitz (2018) – ලක්ෂ 71-76
- Grace (2014) – ලක්ෂ 69-74
- X-trail (2015) – ලක්ෂ 83-100
- WagonR (2014) – ලක්ෂ 38-45
- Mahindra KUV 100 (2020) ලක්ෂ 38-45
- Alto japan (2017) – ලක්ෂ 40-45
- Panda (2015) ලක්ෂ 19-23
- Alto (2015) – ලක්ෂ 25-27
0 Comments