දරුවන් උසස් පෙල පාස් වෙන්නේ ටියුෂන් නිසා.. නිදහස් අධ්‍යාපනයකින් නොවෙයි…

 

මෙරට සිසු සිසුවියන් උසස් පෙල විභාගය සමත් වන්නේ නිදහස් අධ්‍යාපනය නිසා නොව පෞද්ගලික මුදලින් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

නිදහස් අධ්‍යාපනය අපේ දරුවන් සම්පූර්ණයෙන් භුක්ති විඳින්නේ ඇයි ආණ්ඩුව පැවසුවද එය විශාල අසත්‍යයක් බවත් ඇය පෙන්වා දෙයි.

නිදහස් අධ්‍යාපනයක් ඉතුරුවී තිබෙන්නේ දැයි ප්‍රශ්නයක් ඇතැයිද පවසන ඇය මහබැංකු ලේඛන අනුව සියයට හතළිහක් මේ වන විට සෞඛ්‍ය හා අධ්‍යාපන වෙනුවෙන් වන වියදම කප්පාදු කර ඇතැයි ද පැවසුවාය.

අද පාසල්වල උසස් පෙළ පංතිවල දරුවන් නැති බවත් දරුවන් ටියුෂන් නිසා උසස් පෙළ ගොඩ යන බවත් ඇය කියා සිටියාය.

පාසැල් වලට අවශ්‍ය මුදල් පහසුකම් සහ ගුරු පුහුණුවට මුදල් නොදෙන නිසා මුළු පාසල් පද්ධතියම අද භයානක තැනකට පත්ව ඇති බවත් ඇය තවදුරටත් කියා සිටියාය.

Post a Comment

0 Comments