ජනපතිගේ සැර කතාවෙන් පසු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි..

 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදී ඇතැයි වික්‍රමනායක මහතා සඳහන් කළේය.

එම ලිපියේ පිටපතක් තමන්ට ලැබී ඇති බවද පැවසූ අමාත්‍යවරයා ඉල්ලා අස් වීමට කිසිදු හේතුවක් ලිපියේ සඳහන් කරන්න නැති බවද කියා සිටියේය.

පුරා විද්‍යා භූමියට අයත් ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනට දින කිහිපයකට පෙර දැඩි දෝෂ දර්ශනයට ලක් කලේය.

Post a Comment

0 Comments