රාමඤ්ඤ නිකායේ මහා නායක හිමියන්ට ජනාධිපති කාර්යාලය ලබාදී ඇති වාහනය සඳහා ඉන්ධන දීමනාව කපා හැරීමෙන් හේතුවෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වරයාගේ නිල රථය මහනායක හිමියන්ට ලබාදී තිබේ.
ජනාධිපති කාර්යාලයෙන් මහනාහිමියන්ට සුදුසු වාහනයක් ලබා දෙන්නැයි එම නිකායේ මහා ලේඛකාධිකාරී හිමියන් විසින් ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යවා ඇත.
මහ නාහිමියන්ගෙන් නිල කටයුතු සඳහා ස්ථිර වාහනයක් නොමැති බවත් පසුගිය කාලයේ දී ද විටින් විට වාහන කිහිපයක් හුවමාරු වූ බවත් එම ලිපියේ සඳහන් වෙයි.
දැනට ලබාදී තිබෙන වාහනය සඳහා පසුගිය කාලයේදී ඉන්ධන දීමනාවක් ලබා දුන්නද දැනට එය ලබාදීම නතර කර ඇති බවත් එනිසා එම වාහනය යළි ජනාධිපති කාර්යාලට භාර දෙන ලෙස මහ නාහිමියන් දැන් දැනුම් දී ඇති බවත් ලිපියේ දැක්වෙයි.
මාස කිහිපයක සිට එම වාහනය භාවිතා නොකරන බව ලිපියේ සඳහන් කර තිබේ.
0 Comments