කසිප්පු පැකට්ටුවක් සම්බන්ධයෙන් ඇතිවු බහින් බස් වීමක් දුරදිග යෑමෙන් පුද්ගලයෙකුට කතුරෙන් ඇන ඝාතනය කර ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ පනාමුර පොලිසිය වසමේ කෝංකටුව බුබුල මාවතේ පදිංචි 39 හැවිරිදි වඅවිවාහක පුද්ගලයෙකි. 15දා රාත්‍රී 8.00ට පමණ මෙම සිදුවීම සිදුව ඇත.
මියගිය අය සමග තවත් තිදෙනෙකු නීති විරෝධි මත්පැන් පානය කිරීම සදහා එම ප්‍රදෙුශයේ ම හොර මත්පැන් අලවි කරන ස්ථානය කට ගොස් ඇති අතර එහිදී කසිප්පු පැකට්ටුවකට දෙදෙනෙකු අතර ඇති වු ගැටුමක් දුරදිග යෑමෙන් කතුරකින් ඇන ඇති අතර පසුව රෝගියා ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිගොස් ඇත.
කෝංකටුව පංසල පාරේ පදිංචි 33 හැවිරිදි සැකකරු පනාමුර පොලීසියට බාරවී ඇත.
මේ සම්බන්ධයෙන් පනාමුර පොලිසිය විසින් පරික්ෂණ සිදුකරනු ලබයි.
සැකකරු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
0 Comments