වැටුප් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවන් 70 ට වැඩි පිරිසක් සේවයෙන් ඉවත්ව ගොස් ඇතැයි වාර්තා වෙයි.
ඔවුන් මේ බව සඳහන් කරන්නේ ශ‍්‍රී ලාංකීය ශ්‍රමිකයන් පිරිසකට දකුණු කොරියාවේ රැකියාවට යාමට ගුවන් යානය ප්‍රමාද වීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.
තවත් ගුවන් නියමුවන් පිරිසක් සේවයෙන් ඉවත්වීමේ සූදානමක පවතින බවත් නිවේදනයේ දැක්නෙයි.
ගුවන් සේවාවට නියමුවන් 330ක් සිටිය යුතු වුවත් දැනට සිටින්නේ 250ක් පමණ පමණක් බවද නිවේදනයේ දැක්වෙයි.
එබැවින් දැනට සිටින ගුවන් නියමුවන් ප‍්‍රමාණය හදිසි අවස්ථාවන්හිදි නියමුවන් අනුක්ත කිරීමට අසීරු තත්ත්වයක් බවද නිවේදනයේ තවදුරටත් දැක්වෙයි.

0 Comments