හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයේ තවදුරටත් නියැලීම අවශ්‍ය නැති බවත් ඔහු දැන් විශ්‍රාම ගත යුතු ගත යුතු බවත් ඒ සඳහා කාලය එළඹී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී අග්‍රාමාත්‍ය ධුරය බාර ගැනීමට සූදානමක් තිබේදැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
රටට මහින්ද රාජපක්ෂ මහතා තරම් සේවය කළ වෙනත් නායකයෙකු නොමැති බවද පැවසූ ඔහු තවමත් මෙරට ජනප්‍රියම දේශපාලනඥයා මහින්ද රාජපක්ෂ මහතා බව ද පැවසීය.
නමුත් මහින්ද රාජපක්ෂ මහතා දැන් සිටින්නේ විශ්‍රාම ගත යුතු තත්වයක බවද හෙතෙම කියා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුන හා ජනාධිපතිවරයා අතර කිසිදු මතභේදයක් නැති බවත් ජනතාවගේ යහපත පිණිස අවශ්‍ය නම් පොදුජන පෙරමුණ හා එජාපය එක්ව ගමනක් යෑමට සූදානම් බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.


0 Comments