වෙළෙඳපොළ තුළ කෘතීමව පොල්තෙල් හිඟයක් ඇති කිරීමේ උත්සහයක් පවතින බව අනාවරණය වේ.
පොල් තෙල්වලට විෂ සහිත පාම් තෙල් කලවම් කර වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවටද තොරතුරු අනාවරණය වේ.
මේ වනවිට වෙළෙඳපොළේ පොල් තෙල් බෝතලයක් රුපියල් 500 ත් 550 ත් අතර මිලකට අලෙවි කෙරේ.
පොල් තෙල් මිලට වඩා වැඩි මිලකට විෂ සහිත පාම් තෙල් අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවද, පොල් තෙල්වලට පාම් තෙල් කලවම් කර පොල් තෙල් මිල ඉහළ දැමීමේ සූදානමක් පවතින බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන් යැයි කියා ගන්නා පිරිසක් මෙලෙස පොල් තෙල් මිල ඉහළ දැමීමේ උත්සාහයක නිරතවන බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියයි.
කෙසේ නමුත්, මේ වන විට වෙළෙඳ පොළේ පොල් ගෙඩියක මිලද රුපියල් 120 ත් 140 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබේ.
0 Comments