කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහදගම 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොළඹ වංචා විමර්ශන කොට්ඨාසය විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගත් ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත.
කොළඹ මහල් නිවාස සංකීර්ණයකින් නිවසක් ලබා දෙන බවට පොරොන්දු වී පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 70 ක් ලබාගෙන එම මුදල වංචා කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
0 Comments