ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ලබාදී තිබූ කාලසීමාව දීර්ඝ කර තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසුවේ ලියාපදිංචිය අවසන් වන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි.
ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ලබාදී තිබූ කාලය පසුගිය 16 වැනි දායින් අවසන් විය.
කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය නිසි පරිදි සිදුව නැති බවට වාර්තා වී ඇති බව නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.
මේ අතර රටේ ආර්ථීක තත්ත්වය යහපත් තත්ත්වයට පත්ව ඇති බවට වාර්තා පළවන බැවින් මැතිවරණය සඳහා මහා භාණ්ඩාගාරයෙන් යළිත් මුදල් ඉල්ලා සිටීමට කටයුතු කරන බව ද නීතිඥ නිමල් පුංචිහේවා පවසා ඇත.
0 Comments