හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ ජාවාරමක් ගැන හෙළිදරවක්...

 

හාවඩ් වෛද්‍ය විද්‍යාලයීය මොචරියේ කළමනාකරු සහ තවත් තිදෙනෙක්ට එරෙහිව නඩු පවරා තිබේ.


ඒ, සොරකම් කරන ලද මිනිස් සිරුරු කොටස් මිලදී ගැනීම සහ විකිණීමේ චෝදනාව සම්බන්ධයෙනි.


පර්යේෂණ සහ අධ්‍යාපන කටයුතු සඳහා හාවඩ් විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කර තිබූ මළ සිරුරු වලින් "හිස්, මොළ කොටස්, සම සහ අස්ථි" ලබාගෙන එම කොටස් ඔන්ලයින් ඔස්සේ විකිණු බවට සෙද්‍රික් ලොඩ්ජ් ට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

  

චෝදනා පත්‍රයේ සඳහන් වන්නේ ඔහු සහ ඔහුගේ බිරිඳ, ඩෙනිස් අමෙරිකාවේ පෙන්සිල්වේනියා සහ මැචචුසෙට්ස් හි වෙසෙන ගැණුම්කරුවන්ට එසේ ඔන්ලයින් ඔස්සේ සිරුරු කොටස් විකුණා ඇති බවය.

 

එම ක්‍රමවේදය ඔස්සේ ඔවුන් 2018 සිට 2021 දක්වා සිරුරු කොටස් විකුණා ඇතැයි හෙළිවෙයි.


එරට රජයේ නීතිඥයින් චෝදනා කර ඇත්තේ හාවඩ් වෛද්‍ය විද්‍යාලයීය "ව්‍යුහ විද්‍යාත්මක පරිත්‍යාග වැඩසටහනේ" කළමනාකරු ලෙස ඔහුට තිබූ තනතුර භාවිත කර වෛද්‍ය පරීක්ෂණ සඳහා ලැබුණු සිරුරුවල කොටස් ඔහු ලබාගෙන ඇති බවය.

Post a Comment

0 Comments