ආණ්ඩුව පන්නා දමා තාවකාලික පාලනයක් හදනවා…

 

ආණ්ඩුව විසින් දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දමන්නේ නම් ආණ්ඩුව එළවා දමා තාවකාලික පාලනයක් යටතේ සාධාරණ මැතිවරණයක් පවත්වා ජනතාවගේ ඡන්ද අයිතිය ලබා දීමට සූදානම් බව ජාතික ජන බලවේගය විධායක සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවා දින පවා නියම කර තිබියදී එය දින නියමයක් නැතිව කල් දැමීමට ආණ්ඩුව විසින් නීති විරෝධීව කටයුතු ලෙස කටයුතු කර ඇති බව ද ඔහු පැවසීය.

එම මැතිවරණය පවත්වන ලෙස බල කරන බවත් එසේ නොකරන්නේ නම් ඊට විරුද්ධව ජනතාව පෙල ගැස්වීම් හා අධිකරණය හමුවට යෑමට සූදානම් බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Post a Comment

0 Comments