සාදය හමාරයි.. හදිසි පාර්ලිමේන්තු සැසියක්.. මුල්‍ය රෙගුලාසි අනුමත කරන්න යයි.. IMF දැනුම් දීමක්…

 

ඉදිරි සතියෙදි හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවීමට සූදානම් වෙමින් ඇති බව වාර්තාවෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය කිරීමට අදාල මුල්‍ය රෙගුලාසි කඩමින් අනුමත කරගැනීම මෙම මෙම හදිසි පාර්ලිමේන්තුව මගින් බලාපොරොත්තු වෙයි.

ඒ අනුව ඉදිරි සෙනසුරාදා හා ඉරිදා දිනවල පාර්ලිමේන්තුව සැසියක් පැවැත්වෙනු ඇති බවද වාර්තා වෙයි.

දේශීය වශයෙන් විකුණා ඇති ඩොලර් බිලියන තිස් හයක් පමණ වන භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම් වලට අදාල ණය වලින් කොටසක් ප්‍රතිව්‍යුහ ගත කිරීමට අදාළව මෙම රෙගුලාසි සම්මත කිරීමට නියමිතය.

මහ බැංකුව ස්වාධීන කිරීම පනත සම්මත කර ගැනීමටත් රජය අරමුණු කර සිටියි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත්තේ ජූලි මාසයට පෙර මෙම අණ පනත් හා රෙගුලාසි සම්මත කරගත යුතු බවයි.

Post a Comment

0 Comments