LPL ක්‍රීඩක වෙන්දේසිය අද...

 

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ (LPL) ක්‍රීඩක වෙන්දේසිය අද (14) සිදු කිරීමට නියමිතව ඇත.


ඒ අනුව මෙලෙස පැවැත්වෙන එල්.පී.එල්. පළමු ක්‍රීඩක වෙන්දේසිය සඳහා විදෙස් ක්‍රීඩකයන්ද සමඟින් ක්‍රීඩකයන් 360 දෙනකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබිමද විශේෂත්වයකි.


මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 204 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් 156 දෙනෙකු ඉදිරිපත් කෙරෙනු ඇත.


මෙම ක්‍රීඩක වෙන්දේසිය කොළඹ ශ්‍රැන්ග්‍රිලා හෝටලයේදී අද පස්වරු 3.00ට ආරම්භ කිරීමට නියමිතයි.


මෙවර එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය සඳහා වට 51ක් ඇතුළත්ව ඇති අතර, ක්‍රීඩකයන් මිලදී ගැනීම සඳහා එක් කණ්ඩායමකට ඇමරිකන් ඩොලර් ලක්ෂ 5ක පමණ මුදලක් වැයකිරීමට අවසර හිමිව තිබිණි.


කෙසේ වෙතත් ජාත්‍යන්තර වරම් හිමිකරගෙන ඇති සහ ජාත්‍යන්තර වරම් හිමිකරගෙන නොමැති ලෙස කාණ්ඩ 2ක් යටතේ ක්‍රීඩකයන් මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචි කරනු ලබන අතර, එහිදී ජාත්‍යන්තර වරම් දිනා ඇති ක්‍රීඩකයන් ඇමෙරිකන් ඩොලර් 10,000, ඇ.ඩො. 20,000, ඇ.ඩො. 30,000, ඇ.ඩො. 40,000 සහ ඇ.ඩො. 50,000 යන මූලික වටිනාකම් යටතේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගවලියේ සිවු වැනි අදියර ජූලි මස 30 වැනිදා සිට අගෝස්තු මස 20 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Post a Comment

0 Comments