ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් තම ධූර කාලසීමාව තුළ කිසිඳු භෞතික සම්පතක් දියුණු කිරීමකින් තොරව පාසල් 837ක් “ජාතික පාසල්” ලෙස නම් කරන ලද බවත් එම පාසල්වල ජාතික පාසලක තිබිය යුතු අවම භෞතික සම්පත් හෝ නොමැතිව හුදෙක් නාමිකව පමණක් “ජාතික පාසල්” ලෙස ක්‍රියාතක වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ජාතික පාසල් නාමය සහිත නාම පුවරුවට පමණක් රුපියල් ලක්ෂ 20 වැනි විශාල මුදලක් වැය කර ඇති බවත් මෙම පාසල් හැකි ඉක්මනින් ප්‍රායෝගිකව ජාතික පාසලක් ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙසත් විපක්ෂ නායකවරයා එහිදී ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මෙම පාසල් ප්‍රායෝගික ජාතික පාසල් ලෙස සකස් කිරීමේ ක්‍රියාවලියේදී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයද සම්පත් දායකත්වය ලබා දීමට සූදානම් බව පැවසීය.
0 Comments