බස් රථයක් පල්ලමකට පෙරලේ.. 26ක් රෝහලේ…

 

වතු කම්කරුවන් ප්‍රවාහනය කල පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් බස් රථයේ ගමන් ගත වතු කම්කරු කාන්තාවන් 26 දෙනෙකු කොත්මලේ ප්‍රාදේශිය රෝහල වෙත (09) දින පස්වරුවේ ඇතුලත් කල බව පුඩළුඔය පොලිසිය පැවසිය.

තලවකැලේ වටගොඩ නගරයේ සිට පුඩළුඔය දුනුකේදෙණිය දක්වා වතු කම්කරු කාන්තාවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් (09) දින පස්වරු 4.30ට පමණ මාර්ගයෙන් ඉවතට පැන අඩි 30 පමණ ප්‍රපාතයට පෙරලිමෙන් මෙම අනතුර සිදු වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් තුවාල ලැබු කාන්තාවන් අතරින් බරපතල තුවාල ලබා සිටි වතු කම්කරු කාන්තාවන් කිහිපදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බවත්, ධාවනය වෙමින් තිබු බස් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් අනතුරට හේතුව වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන පුඩළුඔය පොලිසිය කියා සිටියේ.

Post a Comment

0 Comments