මියන්මාරයෙන් පරිත්‍යාග ලෙස ලැබුණු ඇත් පැටවුන් දෙදෙනෙකු ඈඳා ගනිමින් ශ්‍රී ලංකා රේගුව ද හුවා දක්වමින් රුපියල් මිලියන 261 ක මුල්‍ය වංචාවක් සිදුකර ඇති බව අල්ලස දුෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා චෝදනා කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක් වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ අදාළ ගනුදෙනුව හා සම්බන්ධ ඉන්වොයිස් පවා මේ වන විට ප්‍රසිද්ධියට පත්ව ඇති බවය.
රේගුවට අදාළ ලිපි ලේඛන පවා මෙම වංචනික ගණුදෙනුවට අදාළව සකසා ගෙන ඇති බව ඔහු සඳහන් කරයි.
0 Comments