තායිලන්ත සමාගමකට උක් වවන්න වවුනියාවේ අක්කර 70,000ක්…

 

වවුනියාවේ අක්කර 70,000 ක ඉඩම උක් ඉඩමක වගා කිරිමටත්, සීනි කර්මාන්ත ශාලාවක් ඇරඹීමටත් තායිලන්ත සමාගමක් සූදානම් වෙයි.

ව්‍යාපෘතියේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් වන අතර මෙම ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ද ලැබී ඇත.

ඒ අනුව උක් වගා කිරීමටත් සීනි කර්මාන්ත ශාලාව ඉදි කිරීමටත් සුදුසු ඉඩමක් හඳුනාගැනීමේ කටයුතු වවුනියාවේ රාජ්‍ය නිලධාරීන් විසින් මේ දිනවල සිදුකරමින් සිටී.

මෙම ව්‍යාපෘතියට ලබාගන්නා ඉඩම් කොටස් කර වවුනියාවේ ජනතාවට උක් වැවීම සදහා ලබා දෙන අතර එම ඉඩම් වලින් නිෂ්පාදන උක් දඩු තොග සමාගම විසින් මිලට ගන්නා ගිවිසුමක් ද ක්‍රියාත්මක ය.

Post a Comment

0 Comments