මොස්කව් අගනුවර ඉලක්ක කරගෙන ඩ්‍රෝන ප්‍රහාරයක්...

 



මොස්කව් අගනුවර ඉලක්ක කරගෙන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බව රුසියාව තහවුරු කර තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ හේතුවෙන් මොස්කව් හි Vnukovo ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවය.


රුසියාව චෝදනා කරන්නේ ප්‍රහාරයේ වගකීම යුක්‍රේනය භාරගත යුතු බවය.


ඩ්‍රෝන සියල්ල වෙඩි තබා බිම හෙලා ඇති අතර ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් යුක්‍රේනය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් පළකර නොමැත.

Post a Comment

0 Comments